Leshan Giant Buddha - ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව......
ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව වන ˝Leshan
Giant Buddha˝ ප්‍රතිමාව චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ නැගෙනහිර ලීෂාන් නගරයට සමීපව ගංගා ත්‍රිත්වයකට මායිම්ව පිහිටා ඇත. ලීෂාන් නගරයේ දැවැන්ත ප්‍රතිමාව යන අර්ථය පදනම් කරගෙන ˝Leshan
Giant Buddha˝ යන නම මෙම ප්‍රතිමාවට ලැබි ඇත.
උසින් අඩි 233 (මීටර්
71) පමණ වන මෙම ප්‍රතිමාව අට වන සියවසේ පමණ ඉදි කර අැත. ඉදිකිරීම් අාරම්භ කර අැත්තේ චීන ජාතික හිමි නමක් වන "හයි තොන්" (Hai Tong) විසින් හත් වන සියවසේ මුල් භාගයේදීය. කීප වරක්ම ඉදිකිරීම් අතරමග නතර වුව ද වසර 90කට පමණ පසු මෙහි ඉදිකිරීම් නිමව 8 වන සියවසේ මුල් භාගයේදී පමණ විවෘත කර අැත.විශාලත්වය පමණක් නොව මෙහි ඉදි කිරීම් වල අැති විශේෂත්වයක් නම් වර්ෂාවෙන් සිදු වන ඛාදනයන් අඩු කිරීම සදහා සකසා අැති ජල ප්‍රවාහන පද්ධතියයි. එමගින් එකතු වන වැසි ජලය ප්‍රතිමාව තුළට නොගොස් විශේෂිත වූ එම පද්ධතිය හරහා පහලට ගලා යයි. මෙම පද්ධතිය තවමත් සක්‍රියව පවතින බැවින් ප්‍රතිමාවේ පැවැත්ම ශක්තිමත් වී අැත.
ගංගා ත්‍රිත්වයක් එකතු වන මෝදර දෙසට ප්‍රතිමාවේ නේත්‍රා යොමු වී අැති අතර එය ගංගාවේ යාත්‍රා කරන නෞකා වලට අාශිර්වාදයක් බවත්, එමගින් ජලයෙන් සිදු වන අහිතකර බලපෑම් අඩු වන බවටත් චීන ජාතිකයෝ විශ්වාස කරති.
මෙම ප්‍රතිමාව අයත් කන්ද "එමී" (Mount Emei) ලෙස හදුන්වන අතර ප්‍රතිමාව සහ අවට ප්‍රදේශය ලෝක උරුමයක් ලෙස UNISCO සංවිධානය විසින් 1996 දී නම් කර අැත. වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙය නැරඹීමට පැමිණෙන අතර ඔවුන්ගෙන් මෙම ප්‍රතිමාවට කිසිදු හානියක් සිදු නොවීමට බලධාරීන් විසින් කටයුතු කර අැත.


Comments
Post a Comment